ගබ්සා | Legal Abortion

නීති විරෝධී ගබ්සාව වනාහි සමාජීය ලෙස අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන/කලයුතු දෙයක්..අද ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 800ක් පමන සිදුවන බව වාර්තා වෙනවා!!අමාරුවේ වැටී පසුව උත්තර සොයනවට වඩා ප්‍රශ්න නොවෙන විදිහට වැඩ කරන එකයි කල යුතුව ඇත්තේ!නිතරම පරිස්සම් වෙන්න,!හැඟීම් වලට වහල් නොවී..!මතක තියාගන්න Safety First and Prevention is always better than Cure!
හැබැයි අද කතාකරන්නේ ගොඩ දෙනෙක් වැඩි විස්තර නොදන්න නීත්‍යානුකූල ගබ්සා කිරීම් ගැන!


මොනවද මේ නීත්‍යානුකූල ගබ්සා කිරීම් කියන්නේ?

ගර්භනීත්වය පවත්වාගෙන යාම තුලින් අදාල තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් සිදුවේනම් හෝ සිදු වේ යැයි විශ්වාසකරනවා නම් ඒ අවස්ථාවේදී මෙම ගබ්සා කිරීම සිදුකරනවා..

සිදු කරන්නේ කාටද?
  • ගර්භනීත්වය තුලින් සෞඛ්‍යයට හානි සිදුවන  මව් වරුන්ට
  • දූෂනයට ලක්වී ගැබ් ගත් අවස්ථාවලදි
  • ඉපදෙන ළදරුවා නිරෝගී නොවන බවට තවුරු වු අවස්ථා වල
  • මානසික අවපාත තත්ත්ව වලදී(Depression)
  • සමාජීයමය හේතුමත(පවුල් සැලසුම් සේවා බිඳ වැටීම හේතු කරගෙන)

මවකගේ සෞඛ්‍යයට හානි වෙන අවස්ථා
  •  ගර්භාශ/ඩිම්බ කෝෂ පිලිකා ඇති අවස්ථා
  • මව අධික රුධිර පීඩනයෙන් පෙලෙන අවස්ථාවල හා අනෙකුත් හෘද රෝග වලින් පෙලෙන විට
  • පාලනයක් නැති දියවැඩියා තත්ත්ව වල
  • කලල සෛලවල පිලිකා තත්ත්ව වලදී
  • කළලය ගර්භාෂයෙන් පිට තැන්පත් වු විට

ඉපදෙන ළදරුවා නිරොගී නොවෙන අවස්ථා
  • ගැබිනි මව පලවන මාස තුන තුල ජර්මන් සරම්ප වැනි හා ප්‍රබල වෛරස් ආසාධන වලට ගොදුරු වු අවස්ථාවල
  • ළදරුවා කායිකව අබාධිත අවස්ථාවල(ඇතැම් රටවල පමනයි)
  • ගර්භනී සමයේ ප්‍රබල ඖෂධ භාවිතා කරන අවස්ථාවල
  • මව විකිරන ප්‍රතිකාරවලට යොමු වන විට
  • මානසික ආබාධ සහිතව ඉපදීම සිදුවිය හැකි ව්ට
මානුෂීය හේතු..
  • දුෂනයන්ට ලක්වී ගර්භනී වූ අවස්ථාවල
සමාජීය හේතු
(මෙය ඔප්පු කිරීමට අසීරු නිසා හා එවිට මුහුන පාන්නට සිදුවෙන ලැජ්ජාවීම් හා නෝන්ඩි වීම් නිසා බොහෝ කලාතුරකින් සිදුවේ)
  • උපත් පාලන ක්‍රම අසාර්ථක වු විට..(මෙය ඔප්පු කිරීමට අසීරු නිසා හා එවිට මුහුන පාන්නට සිදුවෙන ලැජ්ජාවීම් හා නෝන්ඩි වීම් නිසා බොහෝ කලාතුරකින් සිදුවේ)
  • ළමයා හඩාවඩා ගැනීමට ආර්ථිකමය හැකියාවක් නොමැති අවස්ථාවල(ඇතැම් රටවල පමනි)

සිදුකරන්නේ කවුද? කොහෙද?
  • ලියාපදිංචි රජයේ  වෛද්‍ය වරයෙක් රජයේ රෝහලක් තුල.

සපුරාලිය යුතු කොන්දේසි
  •  වෛද්්‍යවරයා සාධාරන සැකයකින් තොරව ඉහත විස්තර කල කොන්දේසි/තත්ත්වයන් වලින් මව පෙලෙන බව ස්ථිර කර ගත යුතු අතර තවත් වෛද්්‍ය වරයෙකුගේ මත විමසීමක් කල යුතුයි!
  •  ඇතැම් අවස්ථාවල අධිකරන අවසරයක් ලබා ගන්න සිදුවිය හැකියි

No comments:

Post a Comment

Vindana IVF