කුස තුල දරුවාගේ වර්ධනය

දරුවෙකු මව් කුස පිළිසිඳී සති 6-10 පමණ වන විට පෙයාස් ගෙඩියක හැඩරුව තිබුණ ගැබ ටිකක් ලොකු වී ඉදුමුණු ගතියක් පෙනීමට ගන්නවා.




මේ කාලයේ පැටියාගේ දිග මිලි මීටර 25 ක් එනම් අඟලක් පමණ වෙනවා.
වයස සති 8ක් උනත් බර ග්‍රූම් 3 පමණ වෙනවා.හරියට පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.
මේ කාලයේ අම්මා‍ට හරිම මහන්සි ගතියක් ඇති‍ වෙනවා. වමනය හා ඔක්කාර ගතිය ඇති වන්නේ මේ කාලයේදීයි.  පියයුරු වල බර ගතියක් පුපුරු ගහන ගතියක් දැනෙනවා. 

ස්ට්‍රෝබෙරි ගෙඩිය තරම් දරු පැටියා ඇඟ තුල දැගලුවාට අම්මාට ඒක දැනෙන්නේ නැහැ.
මේ කාලයේ පැටියාගේ පුංචි සිරුර ඇතුලේ උපාංග හැදෙමින් පවතිනවා.

මේ කාලයේ අම්මාගේ ශරීරය වෙනස්කම් රාශියකට භාජනය‍ වෙනවා. කිහිපසැරයක් මුත්‍රා කිරීමට අම්මාට අවශ්‍ය වෙනවා.

දැන් බඩට මාස 3 - සති 12

මේ  කාලය වන විට අම්මා මැසිවිලි දෙඩූ වමනය හා මූත්‍රා වැඩිපුර පිටකිරීමේ ගතිය අඩු වෙලා යනවා.
මේ කාලයේ දරුවාගේ දිග සෙ.මී.75 ක් අඟල් 3ක් විතර වෙනවා. බර ග්‍රඋම් 18 විතරලු. මේ කාලයේ ස්කෑන් පරීක්ෂාවක් කළොත් බඩේ සිටින්නේ ගෑණු ළමයෙක් ද පිරිමි ළමයෙක් ද කියලා හොයා ගන්න පුළුවන්ලු. 
මේ කාලයේ පැටියාගේ ඇස් සම්පුර්ණයෙන්ම හැදිලා.  මේ කාලයේ ඇඟිලි හැදෙමින් පවතින නිසා ඇඟිලි අතර පටලයක් තිබෙනවා.

අම්මාගේ යටි බඩට අත තියලා බැලුවොත් දරු ගැබ අතට අසු වෙනවා.  නමුත් බබා අතට අසු වන්නේ නැහැ.

දැන් බඩට මාස 4 -සති 16

බඩට මාස 4 ක් පමණ වන විට අම්මාට සහනශීලි ගතියක් ඇති වෙනවා. වෙනදාට වඩා අම්මාට ටිකක් කන්න බොන්න පුළුවන්. මේ කාලයේ ඇගේ පේශි කණ්ඩරා ටිකක් ඉහිල් වීම නිසා උරස හා උදරය එකට සම්බන්ධ වී වැනි හැඟිමක් ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා  මේ කාලයේ ඇඟට තද නොවන ලිහිල් ඇඳුම් ‍ඇදීම සුදුසු වෙනවා. මේ කාලයේ බබා සෙ.මී.16 ක් (අඟල් 6 ක්) පමණ දිගයි.  බර ග්‍රඋම් 135 ක් විතරලු.
මේ කාලයේ හම විනිවිද පේනවා.මේ කාලයේ පැටියාට හොඳින් ශබ්ද ඇසෙන්නට ගන්නවාලු.

එසේම මේ කාලයේ මවගේ ශරීරයේ වෙනස්කම් කීපයක් ඇති විය හැකියි. එනම් මවගේ තනපුඩුව ව‍ටා කළු පැහැ තන මඩල ඇති වීම ආදී දේ මේ කාලයේ සිදු වෙනවා.

දැන් බඩට මාස 5 -සති 20

බඩ‍ට මාස 5 ක් වන විට අම්මාට බබාගේ දැගලීම හොඳින් දැනෙනවා.
ස්කෑන් පින්තූරයකින් බබාගේ වර්ධනය සිදු වන ආකාරය බලාගන්න පුළුවන්.
මේ කාලයේ බබා අඟල් 10 ක් පමණ දිගයි. බර ග්‍රඋම් 340ක් විතරලු.මේ කාලයේ මේ චූටි දැගලිලිකාරයා විවිධ දේ සඳහා ප්‍රතිචාර දැක්වීමටත් පටන්ගන්නවාලු. මේ කාලයේ අම්මාගේ ශරීරයේ ලප කැළැල් ටිකක් වැඩි වී පෙනෙන්න ගන්නවාලු.විදුරුමස් ටිකක් ඉදිමෙන ගතියක් ද පෙන්නුම් කරන බැවින් දත් මැදීම පරිස්සමින් කළ යුතු වෙනවා. අම්මාගේ ‍බඩේ ඉරි සලකුණු මතු වෙන්නේ මේ කාලයේදියි.  ඒ වගේ ම පියයුරු ටිකක් මිරිකලා‍ බැලුවොත් කොලෙස්ට්‍රම් කියන මුල්ම කිරි සෑදෙන බවත් දැක ගන්න පුළුවන්.

දැන් බඩට මාස 6 -සති 24

මේ කාලයේ බබා කිලෝ බාගයකට ටිකක් වැඩියිලු.  දිග අඩියකට ටිකක් වැඩියිලු.මේ දවස් වන විට එයා ඇඟිලි ඉරීම, ඉක්කා යැවීම වැනි ක්‍රියා කරනවා. නිදා ගැනීම හා ඇහැරිලා සිටීම එයාට අවශ්‍ය පරිදි සිදු කරනවාලු. මේ කාලයේ මවගේ බඩ හොඳින් පෙනෙනවා. එසේම බර ඉක්මනින් වැඩි වෙනවා. එසේම මේ කාලයේ මවගේ හදවත හා පෙනහැලි වල වැඩ කටයුතු 50% කින් පමණ ඉහළ යන නිසා වැඩිපුර දාඩිය දාන ගතියක් දැනෙන්නට ගන්නවාලු. ඒ රුධිර සැපයුම වැඩි වීම නිසයි.

දැන් බඩට මාස 7 -සති 28

මේ කාලයේ බබා කිලෝ එකක් පමණ බර වන අතර දිග අඟල් 14 ක් පමණලු.
මේ කාලයේ චුටි පැටියාට හොඳට ඇස් ඇරලා බලන්න පුළුවන්ලු. එයා ඉන්නේ ඉඩ පහසුව අඩු තැනක නිසා එයා කැමති නැති ඉරියව්වක අම්මා සිටියොත් එයා දඟලලා පහසු ඉරියව්වකට අම්මාව තියා ගන්න එයාට පුළුවන්. එසේම මේ කාලයේ අම්මා තද පාට ඇඳුම් ඇදීම සුදුසු නොවන්නේ බබා ආලෝකයට කැමති නිසයි.

දැන් බඩට මාස 8-සති 32

මේ කාලයේ අම්මාට මහන්සි ගතිය වැඩිපුර දැනෙනවා. අම්මාගේ හන්දිපත් රුදා, කොන්දේ කැක්කුම් වැඩි වන කාලේ නිසා නිවැරදි ඉරියව් පවත්වාගෙන යාම වැදගත් වෙනවා.‍‍ මේ කාලයේ බබාගේ බර කිලෝ එක හමාරක් හා දිග අඩි එක හමාරක් පමණ වෙනවා. මව් කුස තුල දරුවාගේ හිස ගර්භාෂයේ පහළට යොමු වී තිබෙනවා. 

දැන් බඩට මාස 9-සති 36

මේ කාලයේ ජීවිතය ටිකක් පරිස්සමින් කළමනාකරණය කරගත යුතු වෙනවා.මේ කාලයේ මවට අන් අයගේ සහාය අවශ්‍ය වෙනවා. මේ කාලයේ දරුවාගේ හිස මඟින් ශ්‍රෝණී ප්‍රදේශයට කරන තද කිරීම  වේදනාකාරී වෙනවා.
මේ කාලයේ හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදු කිරීම මඟින් දරුවා ලැබීමට පෙරහුරුවක් ඇති කර ගත යුතුයි.

මේ කාලයේ බබා හොඳින් වර්ධනය වී තිබෙනවා නියපොතු හා රෝම හොඳින් වැවී තිබෙනවා. බබාගේ බර කිලෝ දෙක හමාරක් හා උස අඩි එක හමාරක් පමණ වෙනවා.

දැන් බඩට සති 40

මේ කාලය වන විට බබාට ගර්භාෂය තුල ඉඩ මදි නිසා චලන වල අඩු වීමක් නැහැ. මේ කාලයේ බබා ශ්‍රෝණී කුහරය තුල තෙරපී සිටින නිසා මවට විවිධ අපහසුතා කකුල් කැක්කුම, ඉකිලි හිරවීම හා කොන්ද කැක්කම වැනි තත්ව ඇති විය හැකියි.

දැන් බබාගේ බර කිලෝ තුනකට වැඩියි. උසත් අඩි දෙකකට කිට්ටුයි. මේ කාලයේ බබාගේ චලන පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතුයි. උදරයේ වේදනා හටගන්නවාද? වතුර හා ලේ යනවාද? වැසිකිලි යාම හොඳින් සිදු වේද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා.



No comments:

Post a Comment

Vindana IVF