Wednesday, February 12, 2014

දරුවෙක් පිළිසිඳීම හා කුස තුල වැ‍ඩෙන දරුවා

මිනිසාට කයක් මෙන්ම මනසක් ද ඇත.  කුස තුල සිටින දරුවාට ද මෙය වලංගු වේ.  වසර සිය ගණනකට පෙර කුස තුල සිටින කළලයා මොළයක් ‍නැති හිස් ගෙඩියක් ලෙස සලකන ලදි.  කුස තුල සිටින ජීවියා‍ට චිත්ත වේග නොදැනෙන බවත් කිසිවක් මතක තබා ගැනීමට හා භෞතික සංවේදනා පිළිබඳ වැටහීමක් නොමැති බවත් පවසන ලදි.  කොටින්ම කුස තුල සිටින්නේ අද ගොළු බිහිරෙක් බවට සලකන ලදි. 
          

එහෙත් පසුගිය දශක දෙක තුන තුල මේ අදහස අත්හැර දමන්නට සිදු වී ඇත.  නවීන තාක්ෂණය  භාවිතයෙන් මව් කුස තුල ජනිත වන මුල්ම ජන්ම සෛල සූක්ෂම ලෙස අධ්‍යනය කිරීමට හැකියාව ලැබී ඇත.  එමඟින් කුස තුල වැඩෙන භෘණයාගෙත්, පසුව විකසනය වන කළලයාගේත් බුද්ධිමත් බව සොයා ගෙන ඇත.  

කුස තුල සිටින දරුවන් පිළිබඳ විවිධ කථා

කුස තුල සිටින දරුවෙකුගේ පෞරුෂය ගොඩ නැගෙන්නේ දරුවා හා දෙමව්පියන් අතර පවතින නිරතුරු සන්නිවේදනය නිසා බව ඒ පිළිබඳ කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇත.

කැනේඩියානු අධ්‍යාපනඥයෙකු වන මැක්ප්‍රීමන් කුස තුල අධ්‍යාපනය දෙදෙනෙකු අතර සිදු වන බව පවසයි.  එයට පියාගේ ඇති වැදගත්කම ඔහු පෙන්වා දෙන්නේ  තාත්තා ගැබිණි අම්මාගේ බඩට තට්ටු කර රාත්‍රී ගුඩ් නයිට් ලෙස කුස තුල සිටින කිරි කැටියාට සුභාශිංසනය කළ විට එයට ප්‍රතිචාර ලෙස  සියුම් පා පහරක් අම්මාගේ  කුස මතුපිටින් ඔහුට අත් විඳිමට හැකි විය.  මෙම සිදු වීම දරුවා කුස තුල පිහිටා සති 25 කදී දක්න‍ට ලැබුණ අතර මෙම සිද්ධිය ඊළඟ දරුවාට ඉගැන්වීමට  ද ඔහුට හැකි විය. 

සි‍ටල්හි රෝහලක ළමා රෝග විශේෂඥයෙක් රෝහලේ දැඩි සත්කාර ඒකකය තුල සිටි ඉතා අසාධ්‍ය රෝගී දරුවෙකු බලාගනිමින් සිටි‍යේය.  ජීවිතාරක්ෂක උපකරණ රැසකට  මැදි වී සිටි දරුවා නිල්පාට වීම මඟින් ඔක්සිජන් හරි හැටි නොලැබෙන බව පෙනී ‍ගියේය. එම කිරි කැටි‍යා මිය යමින් සිටි බැවින් වෛද්‍යවරයා  දැඩි තීරණයක් ගන්නා ලදි. ඔහු සෙමින් දරුවාගේ ජීවිතාරක්ෂක උපරණ ගලවා ඉවත් කළේය.  විදුලි ආලෝක නිවා දැම්මේය.  ඉක්බිති තොටිල්ලට කිට්ටු වූ ඔහු තම දෙඅතින් දරුවා තොටිල්ලෙන් ඉවතට ගත්තේ සෙනෙහස පෙරදැරිවය.  දරුවා දෙඅතේ රදවාගනිමින් දෙපසට පද්දවමින් ඔහු සෙමෙන් ගීයක් මිමිණිය.  නිමේෂයකින් දරුවා ‍රෝස පැහැ ගැන්විණි.  ටිකින් ටික දරුවාගේ ජීවය ප්‍රකෘතිමත් විය.  මින් පෙනී යන්නේ නව තාක්ෂණය සියළු දේ කළ නොහැකි බවකි. තාක්ෂණය සෙනෙහසට පැරදිණි. 

ඔස්ට්‍රියානු ජාතික වෛද්‍යවරයෙකු වූ රෙනෝල්ඩ් ගැබිණි මව්වරුන් සමඟ පුංචි පර්යේෂණයක් කරන ලදි. ඔහු මව්වරුන් කීප දෙනෙක් ස්කෑන් උපකරණ යටතේ විනාඩි 20 පමණ ඉහිල් වන්නට ඉඩ සැලැස්වීය.  එවිට ඔවුන්ගේ කුස තුල සිටින දරුවෝද නිදහසේ ඉහිල්ව සිටියෝය.ඔහු හදිසියේම බබා දඟලන්නේ නොමැති බවට හැඟවිමක් කරන ලදි.   ඒ සමඟම බියට පත් වූ මව්වරුන්ගෙන් පිට වූ ඇඩ්‍රිනලින හෝමෝනය නිසා දරුවන් විමතියට පත් වී දඟලන්න‍ට පටන් ගෙන ඇත.  අප දන්නා පරිදි මව කන බොන දෑ ඇය විසින් උරා ගන්ා බෙහෙත් ආදිය දරු සිරුරටද ගලා යන බව ඇත්තකි .  ඒ කෙසේ වුවද රෙනෝල්ඩ් වැන්නවුන්ගේ පරීක්ෂණ මඟින් පෙන්වා දෙනුයේ මාතෘ සංවේදනා කායිකවද සම්ප්‍රේෂණය වන බවෙකි.   උදාහරණ ලෙස ගර්භණී මවක් දිගු හෝ කෙටි කාලීන ආතති තත්වයක් පෙන්නුම්කරන්නේ නම් එම ආතති බද්ධ හෝමෝන වලින් ටිකක් දරු ගැබ තුලට ද යවා දරුවාද මානසික වික්ෂිප්ත භාවයට පත් කරවයි.

උග්‍ර මානසික ආතතියෙන් පෙළෙන මව්වරුන්ට ලැබෙන දරුවන් නොමෝරා ප්‍රසූතිය සිදු වීම, බරින් අඩු වීම, අධි සක්‍රිය වීම, නිතර නොරිස්සුම් ගති පෙන්නුම් කිරීම ආදියෙන් හෙබිය.  මෙසේ මව් කුස දි උග්‍ර ආතති  වලට  හවුල් වන දරුවන් මව් කුසින් බිහිවන විට ඇඟිලි සපාගෙන සමහර අවස්ථාවල තුවාල සහිතව විකන ලද ඇඟිලි තුඩු සහිතව උපත ලබයි.

ප්‍රසූත අත්දැකීම් ගැන සොයා බැලූ අය, දුෂ්කර හා අනතුරුදායක ප්‍රසූත තත්ව වලට මුහුණු දුන් දරුවන් පසු කලකදී සිය දිවි නසා ගැනීම් හෝ මත් බෙහෙත්  ඇබ්බැහිවීම් වලට නැඹුරු  වන බව පෙන්වා දී ඇත. මානසික වෛද්‍යවරයෙකු වන ලේ සෝක් පෙන්වා දී ඇත්තේ යෞවන සියදිවි හානිකර ගැනීම් වඩාත් පතල වන්නේ ඔවුන්ගේ මව්වරුන් ගැබ් ගෙන සිටි අවධිවල දීර්ඝ කාලීන ගිලන්ව සිටි -අඩු සහයෝගීතා සහිතව සටි අයගේය. මවගේ ගැබ තුල දී මව සමඟ සම්බන්ධය නිත්‍ය වේ .

දරු ගැබ තුල පරිසරය අවිවේකීය. ඝෝෂාකාරීය. ශරීරයේ නොයෙකුත් ශබ්ද, කට හඩවල්, පිටතින් ඇසෙන ශබ්ද නිසා දරු ගැබ තුල පරිසරය අවිවේකීය.  මව සැර බීමක් බීවේ නම් දරුවාට ද ඉන් ටිකක් යයි.  මව නටයි නම් නටයි.  මව බියෙන් නම් දරුවා ද එහි කොටස් කරුවෙක් වෙයි.  

Vindana IVF