මාතෘත්වය සඳහා බුදුදහමේ ප්‍රධාන ස්ථානයක් හිමි කර දී තිබේ. දරුවෙකු පිළිසිඳීම අහඹු සිදු වීමක් නොවිය යුතු බවත් එයටයම් ප්‍රාර්ථනයක් අවශ්‍ය බවත් බුදු දහමේ දක්වා ඇත.

පුවපල් නැකත පවතින දිනයක උදේ 6-7 අතර කතා නොකර ගොස් හොඳින් පල හැදෙන අඹ ගසක නැගෙනහිර හා උතුර අතර ඇති අඹ මුල් ගලවාගෙන පිරිසිදු කර වියළා කුඩු කර එම කුඩු මේස හැන්දක ප්‍රමාණයක් වතුර නොදැමූ එළකිරි හෝ එළුකිරි කාලකට
දමා සූකිරි මේස හැන්දක් හොඳින් කලවම් කර උදේම හිස් බඩ බොන්න. ස්ථිරවම දරුවන් ලැබෙන
බව ආදී මුතුන්මිත්තන් පවසා ඇත. මෙය මාසික
ඔසප් දිනයෙන් දින තුනකට පසු පානය කරන්න. සරු දින 14 තුල අටවක රිට්ටා අමාවක
අඟහරුවාදා පසළොස්වක දිනවල දහවල් 12 ට සවස 6 ට උදේ 6 ටහා රාත්‍රී 12ට දෙදෙනාම මනස හා සිරුර ඉතාම පිරිසිදුව තබා ගනිමින් කායිකව එක්විය යුතු බව සඳහන්ය.
කායිකව එක් වීමට පෙර දින 3 ක් බෝධි පුජා තැබීමට බෝධිය පිරිසිදු කර පිරිසිදුව නොඉදුල්ව එළකිරි වලින් සාදන ලද කිරිබත් කෑලි 9 ක් බෝධියට
පුදා බෝධි පුජාව පවත්විය යුතුය. මෙය පාන්දර 3 -4 අතර කිරීම සුදුසු අතර ධජග්ග පිරිත ද කියා දෙවියන්ට පින් පමුණුවා මෙසේ අයැද සිටිය යුතුය. මෙම බෝධි වෘක්ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට
බලාපොරොත්තුවෙන් යම් දෙවියෙක් හෝ දේවතාවියක් සිටින්නේ නම් එම දේවතාවාට හෝ
දේවතාවියට ඉතාම සතුටින් මවක් වීමට කැමති බැවින් මාගේ කුසේ පිළිසිද ගන්නා මෙන් පින්
දිමෙන් යුතුව ආරාධනා කරන්නෙමි යනුවෙන් ශබ්ද නගා බෝධිය දෙසට නෙත් යොමා 7 වරක්
කියන්න. මෙසේ එක දිගට දින 3 කල යුතු අතර
සැමියාද පෙර පරිදි පියකු වන බවට ආරාධනා කරන්නේ නම් ඉතා යහපත් ප්‍රතිළුල අත්වන බව
දක්වා ඇත. ඉන්පසු ඒ ආරාධනාව සිහි කර කායිකව එක් විය යුතුය.
No comments:
Post a Comment