විදුරු මසින් ලේ ගැලීම
මෙම කාලය තුල විදුරු මස් මෘදු විමට භාජනය විය හැකිය. එබැවින්
මෘදු දත් බුරුසුවක් පාවිච්චි කළ යුතුය. ආහාර ගත් පසු දත් හොඳින් පිරිසිදු
කළ යුතුය.
මල බද්ධය
ගැබිණි සමයේ ශරීරයේ ඇති ප්‍රෙජෙස්ටරෝන් හෝමෝනය නිසා
බඩවැලේ චලන හෙමින් සිදු වේ. මෙම තත්වය මැඩපැවැත්වීමට දියර හා කෙදි සහිත ආහාර
භාවිතා කළ යුතුය. දිගටම ප්රශ්නය පවතී නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය.
උල්ලෝගම්
වැරිකෝස් ශිරා
බත් කෙණ්ඩා හා කළවා වල ශිරා මහත් වී රැහැන් මෙන් පිටතට නෙරී ඒම මෙහි දී සිදු වේ. බොහෝ වේලාවක් සිට ගෙන සිටීම හෝ දෙපා හරස් කර ඉඳ ගැනීම නොකළ යුතුය. දෙපතුල් ඉහළින් තබා ගෙන විවේක ගත යුතුය.
අර්ශස්
බිළීදාගේ හිසෙන් ඇති වන පීඩනය නිසා ගුද විවරය අවට රුධිර
නාල මහත් වී ඉදිමෙයි. මළ පහ කරන අවස්ථාවල තටමයි නම් එම ශිරා තව දුරටත් රුධිරයෙන්
පිරේ. මේ නිසා මළ පහ කරන විට දැවිල්ල, කැසීම හා වේදනාව ඇති විය හැක. නින්දට යාමේ අපහසුව සිරුර හා සිත විවේකයට පත්කරන ව්‍යායාම වල යෙදීම සුදුසුය.
උණුසුම් වතුරින් ඇඟ සේදීම ද කළ හැක.
ඩහදිය දැමීම
සිරුර උණුසුම් වී ඩහදියෙන් තෙමී යාම සිදුවන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය
හා රුධිර සංසරණයේ වෙනස්කම් නිසාය. බුරුල්
ඇඳුම් ඇඳිම හා දියර වර්ග පානය කිරීම නිසා පහසුවක් ඇති විය හැක.
රක්ත හීනතාවය
සිරුරේ රක්තානුවල පිහිටි හීමොග්ලොබින් නම් රුධිර සෛල
වලින් සිරුරේ විවිධ කොටස් වලට ඔක්සිජන් ගෙන යාමට උදව් වේ. සාමාන්‍ය හීමොග්ලොබින්
මට්ටම ග්‍රෑම් 11-14 පමණය. එය 10ට වඩා අඩු නම් ඔබ රක්තහීනතාවයෙන් පෙළෙන බව සැලකේ.
රක්තහීනතාවයෙන් පෙළිම මඟින් බර අඩු දරු උපතක් සිදු වීම
හෝ නොමේරූ දරුවෙකු බිහි වීම සිදු විය හැක. මෙය මග හැරීම සඳහා යකඩවලින් පොහොසත්
සමබර ආහාරයක් ගත යුතුය. එසේම ගැබිණි කල තුල යකඩ පෙති ගැනීම ද අනිවාර්ය විය යුතුය.
No comments:
Post a Comment